Pages

My Blog List

Blogger news

Powered by Blogger.

Epic Surf Image

Epic Surf Image

පරිගණකය slow කරන යල් පැනගිය ඩ්‍රයිවර්ස් ක්ෂණිකව update කරමු

Sunday, December 8, 2013

මෙහෙයුම් පද්ධති වල ගැටලු වලට මූලිකවම බලපාන දෙයක් නම් Drivers මෘදුකාංගයි. පරිගණකයට අලුත් උපාංගයක් සම්බන්ධ කරන සෑම අවස්ථාවකදීම ඒ උපාංගය හඳුනා ගැනීමට මෙහෙයුම් පද්ධතියට සහය වන ඩ්‍රයිවර්ස් ස්ථාපනය කෙරෙනවා. මේ ඩ්‍රයිවර්ස් වල අලුත් සංස්කරණයන් නිති පතා නිකුත් වුවත් අප ඒවා යාවත්කාලීන කිරීමට උනන්දු වන්නේ නැහැ. මේ නිසා අපගේ පරිගණක වල නිතර දෝශ හටගන්නවා. පරිගණකයේ මන්දගාමී වීමට කල් පැනගිය ඩ්‍රයිවර්ස්  කෙලින්ම බලපන සාධකයක්. මෙයට විසඳුම සපයන අගනා මෘදුකාංගයක් ගැනයි මේ.


Driver Booster නමින් හඳුන්වන මෙම මෘදුකාංගය නොමිලේ ලැබෙන ෆ්‍රීවෙයා මෘදුකාංගයක්. මෙමගින් ඔබගේ පරිගණකය ස්කෑන් කර බලා යල් පැනගිය ඩ්‍රයිවර්ස් හදූනාගෙන එයට ගැලපෙන අලුත් ඩ්‍රයිවර්ස් අන්තර්ජාලයෙන් සොයා බලා ස්වයංක්‍රීයවම ස්ථාපනය කරනවා. IObit ආයතනය මගින් නුකුත් කර ඇති මෙම මෘදුකාංගය ඔබට පහත සබැඳිය මගින් බාගත කළ හැකියි.

බාගත කරගෙන ස්ථාපනය කරගත් පසු මෘදුකාංගය ධාවනය කරන්න. එහි මුල් තිරයෙන් ඔබගේ පරිගණකයේ ඇති යල් පැන ගිය ඩ්‍රයිවර්ස් හඳුනාගෙන පෙන්වනවා. තවද දැනට ඇති අලුත් සංස්කරණ වලට සාපේක්ෂව එම ඩ්‍රයිවර්ස් කෙතරම් පරණ දැයි බලා ගැනීමටත් පුළුවන්.





ඩ්‍රයිවර් එකක තත්ත්වය old, very old සහ ancient ලෙස ඔවුන් වර්ග කරනවා. එමෙන්ම යාවත්කාලීන විය යුතු ඩ්‍රයිවර්ස් තෝරා ගැනීමටද හැකියාව තිබෙනවා.







ඔබ Update බට්න් එක ක්ලික් කල පසු Driver Booster මෘදුකාංගය මඟින් අදාල ඩ්‍රයිවර්ස් බාගත වී ස්වයංක්‍රීයවම අප්ඩේට් වනවා. මේ නිසා එක එක ඩ්‍රයිවර්ස් වෙන වෙනම සොයා වෙහෙස වීමට අවශ්‍ය වන්නේ නැහැ. මෙම ක්‍රියාවලිය අවසන් වූ පසු ඒ බව මෘදුකාංගය මඟින් දැනුම් දෙනවා.

වින්ඩෝස් 7වින්ඩෝස් 8, වින්ඩෝස් විස්ටා, වින්ඩෝස් XP යන මෙහෙයුම් පද්ධති වලට සහය දක්වන මෙම මෘදුකාංගය ඔබගේ පරිගණකයේ ඩ්‍රයිවර්ස් ගැටලු වලට හොඳම විසඳුම ලෙස සැලකිය හැකි

No comments:

Post a Comment

 

Most Reading

About Us